විදුලි පාරිභෝගිකයින්ට පොළියක් ගෙවන්න ලංවිම අධිකරණය ඉදිරියේ එකඟ වෙයි

අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොළියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකෙරුණා.

මෙම පෙත්සම අද, එස්.තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරන දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා සියයට 11.67 ක වාර්ෂික පොළියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නා.

එම පොළිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියා.

මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වනදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ ලංකා විදුලි බල මණ්ඩල පනතේ 28(3) වගන්තිය යටතේ නව විදුලි සම්බන්ධතා ලබාදීම සඳහා පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල වෙනුවෙන් පොළියක් ගෙවීමට එම මණ්ඩලය කටයුතු කළ යුතු බවයි.

එහෙත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ දක්වා එවැනි පොළී ගෙවීමක් සිදුකර නොමැති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56