විදුලිය නැතිව සේවා රැසක් අඩපණයි – හදන්න පැය 3 ක් වත් යනවලු !

දිවයින පුරා  සිදුව ඇති විදුලිය බිඳවැටීම නිසා රාජ්‍ය ආයතන රැසක මහජන සේවාවන් ද අඩ පණවී ඇත.

නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ආයතනයේ ඇති විදුලි ජනන යන්ත‍්‍ර ක‍්‍රියාත්මක නොවීම නිසා එහි රියැදුරු බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ද ඇණහිට ඇතැයි වාර්තා විය.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 03ක් පමණ ගත වනු ඇතැයි විදුලිබල මණ්ඩල සාමාන්‍යධිකාරීවරයා දන්වා ඇත.