වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට – 6කට තුවාල

මීරිගම මීගමුව මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී මීගමුව දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගමන් කර විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරා, තවත් පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබුණා.

එහිදී එක් කාන්තාවක් මියගොස් ඇති අතර 55 හැවිරිදි ඇය කටාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය වෑන් රථය පැදවූ රියදුරාගේ මව බවටයි අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

තුවාල ලැබූ අනෙක් පිරිස ද මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
22
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?