AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවායේ මාර්ග කිහිපයක් ජල‍යෙන් යට වෙයි (වීඩියෝ)

අධික වර්ෂාපතනය සමග වැල්ලවායේ මාර්ග දෙකක් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ දහවල් කාලයේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය – කොළඹ මාර්ගයේ වත්ත ප්‍රදේශයෙන් සහ උල්කන්ද මාර්ගයේ හඳපානාගල යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි.

මෙම මාර්ග සියල්ල ම විශාල ජල දහරාවක් හේතුවෙන් පිරී තිබෙන බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මෙම ජල ගැලීම් තතත්ත්වය නිසා වැල්ලවාය ප්‍රදේශයේ නිවාස දහයක් පමණ ද ජලයෙන් යටව තිබූ අතර අද උදෑසන වන විට ජලය බැස ගොස් මාර්ග යථා තත්ත්වයට පත්ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?