වැල්ලවත්තේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක කරගෙන ගිය ජාවාරමේ තවත් තොරතුරු එළියට

කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක් තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) අත්අඩංගුවට ගත් සැකකරුවන් 59 දෙනා අද (09) දිනයේ කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

අත්අඩංගුවට ගැනුණු 59 දෙනාගෙන් 23 දෙනෙක් කාන්තාවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකරුවන් සහ සැකකාරියන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අදාළ සුපිරි මහල් නිවාස සංකීරණයේ 40වන මහලේ ස්ථානයක් තුළ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කොරියාවේ සිටින කොරියානු ජාතිකයෙකුගේ මුදල්; මෙරට මුදලින් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලක් මගින් ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කළේ.

අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකන කඳවුරක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට අනවරණය වූ බවත්, රුපියල් ලක්ෂ 90 වකට වැඩි මුදලක් මාසික කුලිය ලෙස මෙම ස්ථානයට ගෙවමින් මෙය පවතවාගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඊට අමතරව කිසියම් විදෙස් රටක පිරිසකගේ මෙහෙයවිම මත මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට ද නිරීක්ෂණ වී ඇති බව ඔහු සඳහන් කර සිටියා.

මෙහිදී අත්අඩංගුවට ගැනුණු පිරිස අතර මෙහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක කාන්තාවක් ද සිටින අතර, කළමනාකරුවෙක් ලෙස කටයුතු කළ රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29