වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්රදේශයේ දී අද (28) දහවල් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ත්රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි ප්රහාරය එල්ලකර ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 47ක්.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
+1
+1
5
+1
+1