AFC Banner
Empty Ad
Empty Ad

වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

තාවකාලික ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කෙටි කාලසීමාව තුළ තමන් හදිසි පියවර කිහිපයක් ගැනීමට සූදානම් වන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

තමා වහාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත් වීමට නියමිත නව ජනාධිපතිට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම මෙම දින වකවානු කිහිපය තුළ සිදුකරන බවයි වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

රට තුළ නීතිය හා සාමය ස්ථාප්ත කිරීමට වහාම පියවර ගන්නා බවත්, සාමකාමී අරගල කිරීමේ අයිතිය තමන් 100%ක් පිළිගන්නා බවත් ඔහු මෙම ප්‍රකාශයේ දී සඳහන් කළා.

තවද ජනාධිපතිවරයා හැඳින්වීමට යොදා ගන්නා “අතිගරු” යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරන බවත් ජනාධිපති ධජය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?