වැටලීමක් අතරතුර සැකකරුවෙක්ට පොලිසියෙන් වෙඩි – සැකකරු පලායයි

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලැබූ වැටලීමක් අතරතුර තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙක් පහර දී පළා යාමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිසිය විසින් තත්ත්තවය පාලනය කර ගැනීම සඳහා වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එම වෙඩි තැබීමෙන් සැකකරුගේ අතට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෙඩි වැදුණු පසුව ද සැකකරුව අත්විලංගු දමා අත්අඩංගුවට ගැනීමට යාමේදී තවත් පිරිසක් පැමිණ සැකකරු රැගෙන පලාගොස් ඇති බව පැවසෙනවා.

මේ අතර තුවාල ලැබූ පොලිස් නිලධාරියා අල[ඉටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

අදාළ පලාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59