spot_imgspot_img
spot_img

වාහන ආනයනයට සීමා පැවතීම රේගුවේ අදායම් ඉලක්කයට අභියෝගයක්

රේගුව විසින් ලබන බදු ආදායමෙන් 25 %ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමේ දී විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම වසරේ රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම වසරේ දී ඉලක්ක ගත රේගු ආදායම රුපියල් බිලියන 1220 ක් බවත්, ආර්ථිකය සාමාන්‍ය පරිදි පැවති ආසන්නම වර්ෂය වූ 2018 වසරේදී රේගුවේ ආදායම ලෙස උපයා ඇත්තේ රුපියල් බිලියන 918ක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රේගුවේ ප්‍රධානම ආදායම් මාර්ගය වූ භාණ්ඩ ආනයනය නවතා මෙලෙස රුපියල් බිලියන 1220ක ඉලක්ක ගත ආදායමක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?