spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන්.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආයාදයම් බලපත්‍ර නිකත් කරන පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිවේදනය කළේ.

මේ හේතුවෙන් එම පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවුව ද පද්ධතිය ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම මහජනතාවට බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලබනවා.

ඉදිරියේදී පරිගණක පද්ධතිය යථාවත් කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා තෙක් ලබන අඟහරුවාදා (12) සිට 31 වනදා දක්වා කල් ඉකුත් වන බස්නාහිර පළාතේ වාහන සඳහා නොවැම්බර් මස 30 වන දින දක්වා දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබාදීමටයි තීරණය වී ඇත්තේ

image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?