වාලම්පුරියකට සමාන බෙල්ලෙක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙක් ඊයේ (05) දින රාත්රී කාලයේදී බදුල්ලේදී අත් අඩංගුවට ගැනීමට නුවරඑළිය විශේෂ කාර්ය බළකායේ නිළධාරීන්ට හැකිව තිබෙනවා. ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
බදුල්ල තෙල්බැද්ද ප්රදේශයේ දේවස්ථානයකට අයත් යැයි පැවසෙන වෙලන් වීනස් ලක්ෂිමී නමින් හැදින්වෙන වාලම්පුරිකට සමාන බෙල්ලෙක් මුදලට අලෙවි කිරීමට තැත් කිරීමේදී මෙම පුද්ගලයාව අත්අඅඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල බදුලුපිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙක්.
ඔහු අද (06) බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදලින් රුපියල් ලක්ෂ 10ක ඇප දෙකක් මත මුදාහැර තිබෙන අතර 2024 මැයි 28 දින නැවත නඩුව කැදවීමට නියමිතයි.