ලොරියක් පෙරලී ටයිල් සියල්ල සුනේ සුන් (වීඩියෝ)

ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගය හරහා පෙරලී යාමෙන් සිදු වූ අනතුරකින් බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

අද (23) පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්.

එය දෙමෝදර මංසන්ධියේ දී පෙරලී ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ එහි සහායකයා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එම අනතුරින් ටයිල් සියල්ලම බිඳී ගොස් ඇති බවත් වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී අසල තිබූ ත්‍රීවීල් රියකට ද හානි වී ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14