spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වහාම චීන ෆෝන් විසි කරන්නැයි අනතුරු අඟවයි

පාරිභෝගිකයින් දැනට භාවිත කරන චීන දුරකථන ඉවත දැමිය යුතු අතර අලුත් ඒවා මිලදී ගැනීමෙන් ද වලකින ලෙස ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය එරට ජනතාවට අනතුරු අඟවා ඇත. චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන පරීක්‍ෂා කොට එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වර්තාවක් ඇත.එකී වාර්ථාවට අනුව Xiaomi දුරකථනයක් නිමවා ඇත්තේ දුරකථන තුළ වාරණ මෙවලම් (censorship tools) අන්තර්ගත කරය.

තවත් Huawei මාදිලියක ආරක්‍ෂිත දෝෂ තිබී ඇත. මීට පිළිතුරු ලෙස Huawei සමාගම පවසා ඇත්තේ තම නිෂ්පාදනය මගින් කිසිදු පරිශීලක දත්තයක් බාහිරට නිකුත් නොවන බවයි. එසේම තම නිෂ්පාදන තුළ වාරණ මෙවලම් (censorship tools) නොමැති බව Xiaomi පවසා ඇත. ‘අපේ නිර්දේශය අලුතින් චීන දුරකථන මිලදී නොගැනීමත් දැනටමත් මිලදී ගෙන ඇති ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීමයි’ ලිතුවේනියාවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති මාගිරිස් අබුකෙවිසියස් පවසා සිටියි.

මූලාශ්‍රය – බීබීසී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?