වසර ගණනක් රහසක්ව තබාගත් පුටින්ගේ පිරිමි දරුවන් දෙදෙනා ගැන තොරතුරු එළියට

සිය පුද්ගලික ජීවිතය අභිරහසක් ලෙස තබාගෙන සිටින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පුතුන් දෙදෙනෙන් සිටින බවට ෆෝබ්ස් සඟරාවේ වාර්තාවක් මඟින් අනාවරණය කර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ පෙම්වතිය බව කියන හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇලිනා කබේවා දාව මෙම දරුවන් දෙදෙනා උපත ලබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ වනවිට එම දරුවන් දෙදෙනා වයස අවුරුදු පහ සහ නවය යන වයස්වල පසුවන බවයි එම වාර්තාව මඟින් හෙළිකර ඇත්තේ.

මෙම දරුවන් දෙදෙනා පෞද්ගලිකත්වයෙන් ඉහළ ආරක්ෂිත නිවසක හැදී වැඩෙන බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් පුටින් සහ ඇලිනාගෙන් ඈත්ව හුදකලා ජීවිතයක් ගත කරන බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙමව්පියන්වන ව්ලැඩිමීර් පුටින් සහ ඇලිනා කබේවා හමුවන්නේ කලාතුරකින් බවත් අදාළ ගවේෂණාත්මක වාර්තාව මඟින් වැඩිදුරටත් හෙළිකර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය නීත්‍යනුකූල බිරිඳවන ලියුඩ්මිලා පුටින්ගෙන් දික්කසාද වීමෙන් පසු ඇලිනා කබේවා සමඟ 2008 වසරේ දී පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති අතර, වාර්තාවට අනුව 41 හැවිරිදි කබේවා ස්විට්සර්ලන්තයේ ලුගානෝ හි මාතෘ මධ්‍යස්ථානයක දී අයිවන් සහ ව්ලැඩිමීර් නැමැති මෙම පුතුන් දෙදෙනා බිහිකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක පුටින් සහ කබේවා කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, 71 හැවිරිදි පුටින්ට සිය පළමු බිරිඳගෙන් මාරියා සහ කැටරිනා නැමැති දියණියන් දෙදෙනෙක් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17