වසන්ති චතුරානි ඝාතනයට මාදම්පෙන් අයෙක් අල්ලයි

මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ දී වෙඩිතබා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (08) දින මාදම්පේ පොලිස් වසමේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 33 ක් වූ මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය ජුලි මස 22 වන දින මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වයස අවුරුදු 30ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකුට තුවාල සිදුවුණා.

ඝාතනයට ලක් වූ කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය ලක් වූ වසන්ති චතුරානි නොහොත් සඳමාලි නැමැති මෙම තරුණ කාන්තාව, එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන කුඩු මාලි නැමැති කාන්තාවගේ වැඩිමල් දියණිය බවයි තොරතුරු වාර්තා වුණේ.

මාරවිල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30