Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

වරායේ ඇති කෝටි ගාණක වාහන විනාශ වෙලා

වසර එකහමාරකට පමණ පෙර ආනයනය කළ කෝටි ගණන් වටිනා වාහන හාරසීයකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා හම්බන්තොට වරායන්වල විනාශ වෙමින් පවතින බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

2019 මාර්තු මාසයෙන් පසුව වාහන ආනයනය නතර කිරීමෙන් පසුව මෙම වාහන ඇණවුම් කර ඇත. ඒ අනුව වරායේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයක් හා හම්බන්තොට වරායේ වාහන 121ක් ඇති බව සඳහන් වේ.

කොළඹ වරායේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ යුරෝපා රටවලින් ආනයනය කළ ඒවා වන අතර හම්බන්තොට වරායේ ඇති වාහන අලෙවිකරුවන් විසින් ජපානයෙන් රැගෙන ආ ඒවාය.

මීට පෙර ආණ්ඩුව සඳහන් කළේ කොළඹ වරායට ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි. එහෙත් මෙරටට ගෙන්වා වසර එකහමාරකට ආසන්න වන එම වාහනවල නිෂ්පාදන වර්ෂය කල් යාමත්, ගාල්කර ඇති ආකාරයෙන් විනාශ වීමත් නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බව එම වාහන ආනයනය කළ පිරිස් පවසති.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම වාහනවල විස්තර මුදල් අමාත්‍යාංශය මගින් ලබාගෙන ඇති බවත්, එහෙත් වාහනවලට සිදු කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹීමට රේගුවට කිසිදු උපදෙසක් ලැබී නොමැති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20

?