වර්ජන සදහා පැමිණෙන අයගෙන් බන්දුල කළ ඉල්ලීමක්

වර්ජනයක් කිරීමට පෙර තමන් සමඟ සාකච්ඡාවට පැමිණෙන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

ගැටලුවක් විසඳීමට කාලය අවශ්‍ය බවත්, එම ගැටලුව විසඳීමට ඇතැම් විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා ගැනීමට සිදු වන බවත් ඇමැතිවරයා පැවසීය.

තමන් යටතේ පවතින ආයතනවල පවතින ගැටලු විසඳීමට සෑම දිනකම තමා උත්සාහ දරන බව ද කී ඇමැතිවරයා, කිසිම විටෙක දුම්රිය රියැදුරන්ට හිතුමතේ වර්ජනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බව ද පැවසීය. දුම්රියකට අවශ්‍ය රියැදුරු ප්‍රමාණයට වඩා එක් දුම්රියක් සඳහා රියැදුරන් වැඩිපුර ප්‍රමාණයක් යෙදවීමටත්, එක දුම්රියක් සඳහා නියාමකවරුන් වැඩිපුර සංඛ්‍යාවක් යෙදවීමටත් කටයුතු කිරීමෙන් දුම්රිය වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට තමන්ට විවිධ අංශවලින් දැන ගැනීමට ලැබී තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා, රාජ්‍ය මුදල් කළමනාකරණය පිළිබඳ ආයතන ඒ පිළිබඳ සලකා බලනු ඇති බවත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40