AFC Banner
Empty Ad
Empty Ad

වර්ජනයක් නිසා දුම්රිය රැසක් නවතී – මගීන් නොසන්සුන් (වීඩියෝ)

දුම්රිය සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් අද සවස ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අවලංගු කර තිබෙනවා.

මේ හේතුවෙන් පස්වරු 4 වන විට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද සවස ධාවනය කෙරෙන අනෙක් දුම්රිය ද ප්‍රමාද වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දුම්රිය නොමැති වීම හේතුවෙන් කොළඹ කොටුව මෙන්ම මරදාන දුම්රිය ස්ථානවල මගීන් නොසන්සුන්කාරී ලෙසට හැසිරෙන බවයි.

දුම්රිය උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් හමුවේ සිදු වූ ගැටුමක් හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?