වර්ජනයක් නිසා දුම්රිය රැසක් නවතී – මගීන් නොසන්සුන් (වීඩියෝ)

දුම්රිය සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් අද සවස ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අවලංගු කර තිබෙනවා.

මේ හේතුවෙන් පස්වරු 4 වන විට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද සවස ධාවනය කෙරෙන අනෙක් දුම්රිය ද ප්‍රමාද වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දුම්රිය නොමැති වීම හේතුවෙන් කොළඹ කොටුව මෙන්ම මරදාන දුම්රිය ස්ථානවල මගීන් නොසන්සුන්කාරී ලෙසට හැසිරෙන බවයි.

දුම්රිය උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් හමුවේ සිදු වූ ගැටුමක් හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27