වරද පිළිගත් මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න රුපියල් 2,500ක දඩයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවකට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබුවා.

2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී (Marine Drive) සිදුවූ මෙම රිය අනතුරට අදාළව, ‘රිය අනතුරක් වළක්වා නොගැනීම’ යන පළමු චෝදනාවට ඔහු මෙලෙස වරද පිළිගන්නා ලදී. ඒ අනුව, ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය විසින් ඔහුට රුපියල් 2,500ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළා.

රවී සෙනෙවිරත්න මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරුන් වන චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහ අජිත් නන්දකුමාර යන මහත්වරුන් විසින්, සිය සේවාදායකයා අදාළ පළමු චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

පළමු චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට මෙන්ම, නඩුවේ දෙවන සහ තෙවන චෝදනා වන ‘අපරීක්ෂාකාරීව රිය පැදවීම’ සහ ‘බීමත්ව රිය පැදවීම’ යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව අද (9) දින කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, එම ඉතිරි චෝදනා (දෙවන සහ තෙවන) සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ අද දින නියම කරන ලද රුපියල් 2,500ක දඩ මුදල ගෙවීම සඳහා මෙම නඩුව ලබන අගෝස්තු මස 20 වැනිදා යළි කැඳවීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා.

  1. උසාවියෙන් වරදකරුවෙක් වූ පුද්ගලයෙකුට තව දුරටත් රජයේ තනතුරක් දැරිය හැකිද ??



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17