spot_imgspot_img
spot_img

වයික්කා ප්‍රදේශයේ පාසලක් බිඳ දේපළ කොල්ල කාලා

වයික්කාල රජයේ පාසලක කාර්යාලය සහ විද්‍යාගාරය බිඳ ඒවායේ තිබූ රුපියල් 199,150ක් වටිනා දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

වෙන්නප්පුව – වයික්කල රජයේ විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉකුත් 04 වෙනිදා රාත්‍රීයේ මෙම සොරකම සිදුකර ඇති අතර, කාර්යාලයට සහ විද්‍යාගාරයට දමා තිබූ අඟුල් යකඩයක් ආධාරයෙන් බිඳ ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව ඒවායේ තිබූ දේපළ මෙලෙස සොරාගෙන ගොස් ඇති අතර, සොරකම සිදුකර ඇත්තේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?