AFC Banner
AFC Banner
Empty Ad

වඳුරෙක් තල්ලු කරලා දැරියක් මරුට

වඳුරෙක් විසින් දැරියක් නිවසේ වහලයෙන් බිමට තල්ලු කිරීමෙන් මිය යාමේ ඛේදජනක සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිවාන් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 10 වන ශ්‍රේණියේ දැරියක් බවයි වාර්තා වන්නේ.

පැවති ශීත කාලගුණය හේතුවෙන් මෙම දැරිය ඊයේ (25) නිවසේ වහලය මත හිරු එළියේ වැතිර පාඩම් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී වහලය මතට පැමිණි වඳුරු රංචුවක් දැරියට හිරිහැර කිරීමට පටන් ගෙන ඇති අතර, එහිදී බියට පත් වූ දැරිය ඉන් මිදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

දැරිය එම අවස්ථාවේ පඩිපෙළ දෙසට දිව ගොස් ඇති අතර, වඳුරෙකු ආක්‍රමණශීලී ලෙස පැන ඇයව තල්ලු කර තිබෙනවා.

ඒ, සමඟ ඇයගේ සමබරතාවය ගිලිහී ගොස් වහලයෙන් ඇද වැටී ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වහලයෙන් ඇද වැටුණු දැරිය බරපතළ තුවාල ලබා ඇති අතර, ඇය සිහිසුන්ව සිටියදීම රෝහල් ගත කිරීමට නිවස අවට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇය රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරු තහවුරු කර ඇත්තේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට වඳුරන් ප්‍රදේශය තුළ මෙලෙස දරුණු ආකාරයට හැසිරෙන බවත් ඉන් ජන ජීවිතයට විශාල තර්ජනයක් ද වී ඇති බවයි.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ප්‍රියා කුමාරි නැමැති මෙම දැරිය ඇගේ ඉදිරි විභාග සඳහා සූදානම් වෙමින් සිටිය දී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴 ලෑන්ඩ් කෘෂර් සිද්ධියට සුජීව අදත් උසාවියට
Video thumbnail
"ඔබේ ආයතනයත් මෙතන තියෙනවද බලන්න " - දුමින්ද නාගමුව - ජන අරගල ව්‍යාපාරය
Video thumbnail
ගම්වල මෝඩයෝ ගිහිං ගෙවල් ගිනි තිබ්බා - අසේල සම්පත්ට නහුතෙටම තදවෙයි
14:11
Video thumbnail
විදුලිබල මණ්ඩලය හැදුවේ එජාපය , හොඳින් මතක තියාගන්න ...
05:56
Video thumbnail
යට බොත්තමේ ඉඳලා උඩට දාගෙන ආවම - බොත්තම් පැටලෙන්නෙ නෑ - ජනපතිට හෝඩිය කියා දෙයි
06:45
Video thumbnail
digital හැඳුනුම්පතක් හදන්නේ - හොරු අල්ලන්න නෙමෙයි - ඔත්තු බලන්න
03:32
Video thumbnail
ඇමති නලින්ද තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
03:06
Video thumbnail
මාලිමාවේ අපි කොච්චර කැපකිරීම් කරනවද ?
06:17
Video thumbnail
වහාම ඉල්ලන දේ දීපල්ලා නැත්නම් අපි ඉසුරුපාය ඉස්සරහට එන්න පැකිළෙන්නේ නැහැ ...
16:48
Video thumbnail
පාඨලී ඇමති වසන්තට රතු එළි දල්වයි
19:05

?