වඳුරෙක් තල්ලු කරලා දැරියක් මරුට

වඳුරෙක් විසින් දැරියක් නිවසේ වහලයෙන් බිමට තල්ලු කිරීමෙන් මිය යාමේ ඛේදජනක සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිවාන් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 10 වන ශ්‍රේණියේ දැරියක් බවයි වාර්තා වන්නේ.

පැවති ශීත කාලගුණය හේතුවෙන් මෙම දැරිය ඊයේ (25) නිවසේ වහලය මත හිරු එළියේ වැතිර පාඩම් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී වහලය මතට පැමිණි වඳුරු රංචුවක් දැරියට හිරිහැර කිරීමට පටන් ගෙන ඇති අතර, එහිදී බියට පත් වූ දැරිය ඉන් මිදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

දැරිය එම අවස්ථාවේ පඩිපෙළ දෙසට දිව ගොස් ඇති අතර, වඳුරෙකු ආක්‍රමණශීලී ලෙස පැන ඇයව තල්ලු කර තිබෙනවා.

ඒ, සමඟ ඇයගේ සමබරතාවය ගිලිහී ගොස් වහලයෙන් ඇද වැටී ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වහලයෙන් ඇද වැටුණු දැරිය බරපතළ තුවාල ලබා ඇති අතර, ඇය සිහිසුන්ව සිටියදීම රෝහල් ගත කිරීමට නිවස අවට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇය රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරු තහවුරු කර ඇත්තේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට වඳුරන් ප්‍රදේශය තුළ මෙලෙස දරුණු ආකාරයට හැසිරෙන බවත් ඉන් ජන ජීවිතයට විශාල තර්ජනයක් ද වී ඇති බවයි.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ප්‍රියා කුමාරි නැමැති මෙම දැරිය ඇගේ ඉදිරි විභාග සඳහා සූදානම් වෙමින් සිටිය දී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21