වන අලි ප්‍රහාරයකින් දරුවෙක් ජීවිතක්ෂයට

තලාව පොලිස් වසමේ තිරප්පනේ වැව අසළ දී වන අලියෙකුගේ පහර කෑමට ලක් වූ දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් ඊයේ (25) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි පිරිමි ළමයෙක් බවයි පොලිසිය පැවසුවේ.

වන අලි ප්‍රහාරයට ලක් වූ දරුවා අනුරාධපුර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) සවස තලාව, තිරප්පනය වැවේ ජලජ පැලෑටි ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පැවති අතර, එම ශ්‍රමදානය අතරතුර දී එම වැවට ආසන්නයේ ඇති දේවාලය ප්‍රදේශයට මෙම දරුවා සහ පිරිසක් ගොස් ඇති අතර, එහිදී දරුවා මෙලෙස වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?