AFC Banner
Empty Ad
Empty Ad

වතු ප්‍රජාවට සුබ ලකුණක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ අමෙරිකානු භාර නිලධාරී ගේබ්‍රියෙල් කිරාව් (Gabriel Kirau) සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අතර හමුවක් සිදු වුණා.

මෙම හමුව ඊයේ (10) දිනයේ දී පැවැත්වුණේ කොල්ලුපිටිය පිහිටි ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී යි.

ශ්‍රී ලංකාවේ වෙසෙන ආන්තික ප්‍රජාවක් වන වැවිලි ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය, ආර්ථික සවිබල ගැන්වීම සහ අනෙකුත් ප්‍රජාවන් ඇතුළත් කර ගැනීම සඳහා එක්සත් ජනපදයට ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ආකාරය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙරට තේ වතු ආශ්‍රිත ව ක්‍රියාත්මක වන තේ ප්‍රභේද එම මාර්ගයේ ජීවත් වන ජනතාවගේ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට සහ ආදායම් වැඩි කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳ ව සැලැස්මක් සකස් කිරීමටයි මෙහිදී යෝජනා වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?