spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වත්මන් ඉන්දීය පාලනය හමුවේ ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියා පහළට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලන තන්ත්‍රයේ ත්‍රස්තවාදය නොඉවසීමේ ප්‍රතිපත්තිය හේතුවෙන්  මේ වනවිට ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියා බෙහෙවින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන්  G-20 සමුළුවද  ශ්‍රීනගර් හි පැවැත්වීමට  ඉන්දියාව තීරණය කර ඇති අතර එමගින් පකිස්ථානයේ අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය හිමාල කලාපයේ අවසන් අදියරේ පවතින බවට ලෝකයට පණිවිඩයක් ලබා දීමට සූදානම් බවයි ඉන්දියාව පවසන්නේ.

G20 සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මැයි 22 සිට 24 දක්වා ශ්‍රීනගර්හි පැවැත්වීමට නියමිත බව ඉන්දියාව පසුගියදා  නිවේදනය කළා.

අද වන විට ජම්මු සහ කාශ්මීරයේ සක්‍රීය ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව මෙතෙක් නොවූ විරූ ලෙස පහත වැටී ඇති අතර හිමාල කලාපයේ ත්‍රස්තවාදීන් 50කට ආසන්න පිරිසක් පමණක්  ක්‍රියාත්මක බවටයි ගණන් බලා ඇත්තේ.

එය 1990න් පසු ජම්මු සහ කාශ්මීරයේ  පාකිස්තාන අනුග්‍රහය ඇතිව ඇරඹුණු  කැරැල්ලෙන් පසු ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 70 සීමාවට වඩා පහත වැටුණු පළමු වතාව බව සඳහන්.

2017 වසරේ ත්‍රස්තවාදීන් 350ක් පමණ මෙම කලාපය තුළ ක්‍රියාත්මක වී තිබුණා.

දශක තුනකට ආසන්න කාලයක් පකිස්ථානයේ අනුග්‍රහය ලබමින් පවත්වාගෙන ගිය කැරැල්ල පසුගිය වසර තුන තුළ ජම්මු – කාශ්මීර පොලිසිය සහ මධ්‍යම සන්නද්ධ හමුදාවන් එක්ව බිඳ දමමින් ත්‍රස්තවාදය විශාල වශයෙන් පාලනය කිරීමට සමත් වුණා.

පසුගිය වසර තුන තුළ ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඇණ මර්දනය කෙරුණු ද  කිසිදු අහිංසකයෙකුට හිරිහැරයක් සිදුවී තිබුණේ නැහැ.

නමුත්  දේපළ සහ තම නිවෙස් බෙදුම්වාදීන්ගේ ත්‍රස්තවාදී මර්මස්ථාන ලෙස භාවිත කිරීමට හිතාමතාම ඉඩ දුන් කිහිප දෙනෙකුගේ දේපළ අත්පත් කර ගැනීමට කටයුතු කර තිබුණා.

මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ජම්මු – කාශ්මීර ආරක්ෂාව සමාලෝචනය කිරීම සඳහා නවදිල්ලියේපැවැත් වු රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ 

සාමය ස්ථීර අංගයක් බවට පත් කිරීම සඳහා ඉතිරිව සිටින ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ ප්‍රයත්නයන් කඩිනම් කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?