ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු WTI වර්ගයේ බොරතෙල් මිල 5.73%කින් පහත වැටී ඇති අතර, මේ වනවිට එම වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79.82ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ද 5.08% කින් පහත වැටී තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 83.46ක් ලෙසයි.

ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ මෙලෙස බොරතෙල් මිල අඩුවීමට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්