ලොවක් හඳුනන සුපිරි පාපන්දු තරුව තුර්කි භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවෙයි

තුර්කියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් කඩා වැටුණු සුන්බුන්වලට යට වූවන් අතර හිටපු සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියන් අට්සු ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

චෙල්සි සහ නිව්කාසල් යුනයිටඩ් වෙනුවෙන් ක්‍රීඩා කළ අට්සු, රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවට හසුවීමෙන් පසු සුන්බුන්වලට යටවී ඇති අතර, ඔහු සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ඝානා ජාතික මැදපෙළ ක්‍රීඩකකු වන මොහු පසුගිය ගිම්හානයේ දී තුර්කි සුපර් ලීග් සමාජයක් වන හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජය හා සමඟ ක්‍රීඩා කටයුතු ආරම්භ කරනු ලැබුවා.

භූමිකම්පාවෙන් පසු ඔහුගේ නව කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සුන්බුන් අතර සිරව ඇති අතර, ඔවුන් සුන්බුන් අතරින් මුදා ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර ඊයේ පැවති තරගයක දී අට්සු නියෝජනය කළ හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජයට අවසන් මොහොතේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔහු ලබාගත් ගෝලයෙන් හැකියාව ලැබීමද විශේෂත්වයක්.

තුර්කි බලධාරීන්ට අනුව, මෙම ආපදාවෙන් 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 6,000ක් පමණ තුවාල ලබා තිබෙනවා.

පළමු භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු තුර්කියේ දකුණු ප්‍රදේශයට රිච්ටර් මාපක 7.5 ක තවත් විශාල පසු භූ කම්පනයක් ඇති වුණා.

එහි බලපෑම ද සිරියාවට මෙන්ම ඉරාක කුර්දිස්ථානයට ද දැනුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26