spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොවක් හඳුනන සුපිරි පාපන්දු තරුව තුර්කි භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවෙයි

තුර්කියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් කඩා වැටුණු සුන්බුන්වලට යට වූවන් අතර හිටපු සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියන් අට්සු ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

චෙල්සි සහ නිව්කාසල් යුනයිටඩ් වෙනුවෙන් ක්‍රීඩා කළ අට්සු, රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවට හසුවීමෙන් පසු සුන්බුන්වලට යටවී ඇති අතර, ඔහු සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ඝානා ජාතික මැදපෙළ ක්‍රීඩකකු වන මොහු පසුගිය ගිම්හානයේ දී තුර්කි සුපර් ලීග් සමාජයක් වන හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජය හා සමඟ ක්‍රීඩා කටයුතු ආරම්භ කරනු ලැබුවා.

භූමිකම්පාවෙන් පසු ඔහුගේ නව කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සුන්බුන් අතර සිරව ඇති අතර, ඔවුන් සුන්බුන් අතරින් මුදා ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර ඊයේ පැවති තරගයක දී අට්සු නියෝජනය කළ හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජයට අවසන් මොහොතේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔහු ලබාගත් ගෝලයෙන් හැකියාව ලැබීමද විශේෂත්වයක්.

තුර්කි බලධාරීන්ට අනුව, මෙම ආපදාවෙන් 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 6,000ක් පමණ තුවාල ලබා තිබෙනවා.

පළමු භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු තුර්කියේ දකුණු ප්‍රදේශයට රිච්ටර් මාපක 7.5 ක තවත් විශාල පසු භූ කම්පනයක් ඇති වුණා.

එහි බලපෑම ද සිරියාවට මෙන්ම ඉරාක කුර්දිස්ථානයට ද දැනුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?