ලොනැක් වතු යායේ දී තරුණයන් දෙදෙනෙක් අතුරුදහන් වෙයි

හැටන් වටවල ලොනැක් වතුයායේ පිහිටි වැවේ දිය නැමට ගිය තරුණයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කරනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ වටවල, ලොනැක් වත්තේ පදිංචි සින්නයියා රාජා (38) දෙදරු පියෙකු සහ හලාවත විලත්තල ප්‍රදේශයේ පදිංචි සචින්ත දිල්ෂාන් (21) හැවිරිදි තරුණයෙකි.

අතුරුදහන් වු දෙදෙනා වටවල ලොනැක් වතු යායේ පිහිටි සත්ව ගොවිපොලක ගොඩනැගිල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නියැලි සිටි අය බවට වාර්තා වෙනවා.

අතුරුදහන් වු දෙදෙනා තවත් තිදෙනෙකු සමඟ ඊයේ (19) දිනයේ පස්වරුවේ වැවේ දිය නැමට ගොස් ඇති අතර දෙදෙනාම වැවට බැස තිබෙනවා.

එහිදි සින්නයියා රාජා වැවෙහි ගිලෙනවාත් සමඟ ඔහු බේරා ගැනිමට උත්සහ කිරිමේදි සචින්ත දිල්ෂාන් තරුණයාද වැවෙහි ගිලී අතුරුදහන් වු බවයි ඔවුන් සමඟ දිය නෑමට ගිය අනිත් පිරිස පවසා තිබෙන්නේ.

අතුරුදහන් දෙදෙනා එම සත්ව ගොවිපලේ ගොඩනැගිල්ල ඉදි කිරිමේ කටයුත්තේ නියැලි සිටි පෙදරේරුවෙකු සහ කම්කරුවෙකු බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

අතුරුදහන් වු දෙදෙනාගේ සිරුරු සොයා ඊයේ (19) දිනයේ එම වැවෙහි ලොනැක් වතු යායේ වතු කම්කරුවන් පොලිසිය සමග එක්ව මෙහෙයුමක් දියත් කළද අතුරුදහන් වූ දෙදෙනා සිරුර සොයා ගැනිමට නොහැකි විය.

(රංජිත් රාජපක්ෂ – හැටන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?