ලොනැක් වතු යායේ දී තරුණයන් දෙදෙනෙක් අතුරුදහන් වෙයි

හැටන් වටවල ලොනැක් වතුයායේ පිහිටි වැවේ දිය නැමට ගිය තරුණයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කරනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ වටවල, ලොනැක් වත්තේ පදිංචි සින්නයියා රාජා (38) දෙදරු පියෙකු සහ හලාවත විලත්තල ප්‍රදේශයේ පදිංචි සචින්ත දිල්ෂාන් (21) හැවිරිදි තරුණයෙකි.

අතුරුදහන් වු දෙදෙනා වටවල ලොනැක් වතු යායේ පිහිටි සත්ව ගොවිපොලක ගොඩනැගිල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නියැලි සිටි අය බවට වාර්තා වෙනවා.

අතුරුදහන් වු දෙදෙනා තවත් තිදෙනෙකු සමඟ ඊයේ (19) දිනයේ පස්වරුවේ වැවේ දිය නැමට ගොස් ඇති අතර දෙදෙනාම වැවට බැස තිබෙනවා.

එහිදි සින්නයියා රාජා වැවෙහි ගිලෙනවාත් සමඟ ඔහු බේරා ගැනිමට උත්සහ කිරිමේදි සචින්ත දිල්ෂාන් තරුණයාද වැවෙහි ගිලී අතුරුදහන් වු බවයි ඔවුන් සමඟ දිය නෑමට ගිය අනිත් පිරිස පවසා තිබෙන්නේ.

අතුරුදහන් දෙදෙනා එම සත්ව ගොවිපලේ ගොඩනැගිල්ල ඉදි කිරිමේ කටයුත්තේ නියැලි සිටි පෙදරේරුවෙකු සහ කම්කරුවෙකු බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

අතුරුදහන් වු දෙදෙනාගේ සිරුරු සොයා ඊයේ (19) දිනයේ එම වැවෙහි ලොනැක් වතු යායේ වතු කම්කරුවන් පොලිසිය සමග එක්ව මෙහෙයුමක් දියත් කළද අතුරුදහන් වූ දෙදෙනා සිරුර සොයා ගැනිමට නොහැකි විය.

(රංජිත් රාජපක්ෂ – හැටන්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26