කාන්තා චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව අහිමිවීම ගැන නාමල්ගෙන් රජයට දොස්

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ රජයට දෝෂාරෝපණය කරනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ තරගාවලියේ සත්කාරකත්වය අහිමිවීම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට අවසානයේ වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි.

තරගාවලිය අහිමිවීම වීම හුදෙක් ජාත්‍යන්තර ඉසව්වක් අහිමි වීම පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අවස්ථා, ආදායම සහ ජාත්‍යන්තර නිරාවරණය ද අහිමිවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

“දේශපාලනඥයින්, පරිපාලකයින් සහ ආයතන ක්‍රීඩාවට වඩා ආත්මාර්ථකාමිත්වය, බලය සහ පුද්ගලික න්‍යාය පත්‍රවලට මුල් තැන දෙන විට, දුක් විඳින්නේ ඔවුන් නොවේ. එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය,” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

දේශපාලනය ක්‍රීඩාව ශක්තිමත් කිරීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ හැකි බවත්, පාලනය හෝ පුද්ගලික න්‍යාය පත්‍ර සඳහා ක්‍රීඩා පරිපාලනයට මැදිහත් නොවිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

භාරකරුවන් අතර ඇති වන ආරවුල් හේතුවෙන් ශ්‍රී ලංකාවට තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති අවස්ථා අහිමි කර ගැනීමට නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50