spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිබියාවේ ගං වතුරට බිළි වූ ජීවිත ගණන ඉහළට – ගං වතුරෙන් පසු බෝම්බ බියකුත්

ලිබියාවට බලපෑ දරුණු ගං වතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අතුරුදහන් වූවන් සෙවීමට අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විපතට පත්වූවන් වෙනුවෙන් ඊජිප්තුව, ජර්මනිය, ඊශ්‍රායලය සහ රුසියාව ඇතුළු රටවල් ගණනාවක් ආධාර එවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගං වතුරෙන් මාර්ග විශාල වශයෙන් විනාශ වීම හේතුවෙන් එම ආධාර බෙදා හැරීමට ද බාධා එල්ල වී ඇති බව සඳහන්.

මෙම ගං වතුර තත්ත්වයත් සමඟ කොළරාව, පාචනය වැනි රෝගී තත්ත්වයන් ද ලිබියාව තුළ පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර,බලපෑ දරුණු ගං වතුර තත්ත්වයේ පසු ලිබියාවට බෝම්බ බියක් ද මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ලිබියාව තුළ වසර ගණනාවක සිට පවතින යුද ගැටුම් හේතුවෙන් වළ දමා තිබූ බෝම්බ ගං වතුර හේතුවෙන් ජලයට ගසාගෙන ගොස් තැනින් තැන විසිරී තිබීම හේතුවෙන් මෙම බිය මතුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?