ලැව් ගිනි නිසා කැනඩාවේ හදිසි තත්ත්වයක්

කැනඩාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ලැව් ගිනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඩේවිඩ් එබි අනතුරු ඇඟවූයේ තත්වය දරුණු වෙමින් පවතින අතර ඉදිරි දිනවලදී අතිශයින් අභියෝගාත්මක තත්වයකට මුහුණ දීමට සිදුවන බවයි.

මැක්ඩොගල් ක්‍රීක් (McDougall Creek) ලැව්ගින්න ආරම්භ වී පැය 24ක් තුළ හෙක්ටයාර 64 සිට 6800 දක්වා පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් 4,800ක් පමණ මේ වන විට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් කිරීම ආරම්භ වී තිබෙනවා.

කැනඩාවේ වයඹ දිග ප්‍රදේශවල තවත් විශාල ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 22,000ක් පමණ අවතැන් වී ඇතැයි ද සඳහන්.

කැනඩාවේ ෆෙඩරල් අගනුවර වන යෙලෝනයිෆ් හි (Yellowknife) අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට ලබාදුන් කාල සීමාව මේ වන විට අවසන් වී තිබෙනවා.

නගරයෙන් පිටතට ගමන් කරන ලැව් ගින්නෙන් බේරීමට ප්‍රදේශවාසීන් ගුවනින් සහ මාර්ගයෙන් පිටවීමට පොරකමින් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කළා.

කැනඩා අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙවැනි හදිසි අවස්ථාවක ජනතාවට සහාය වීමට අවශ්‍ය ඕනෑම කටයුත්තකට වේගයෙන් ප්‍රවේශ විය හැකි තත්ත්වයක රට සිටින බව සහතික කරන බවයි.

මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

කෙලෝනා ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ගුවන් කලාපය දැන් ගුවන් ගිනි නිවන භටයින් හැර අන් සියල්ලට වසා දමා තිබෙනවා.

කැනඩාවේ ප්‍රාන්ත කිහිපයක තැනින් තැන හටගත් ලැව් ගිනි දහසක් පමණ පැතිර යමින් පවතින බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57