ලැව් ගිනි නිසා කැනඩාවේ හදිසි තත්ත්වයක්

කැනඩාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ලැව් ගිනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඩේවිඩ් එබි අනතුරු ඇඟවූයේ තත්වය දරුණු වෙමින් පවතින අතර ඉදිරි දිනවලදී අතිශයින් අභියෝගාත්මක තත්වයකට මුහුණ දීමට සිදුවන බවයි.

මැක්ඩොගල් ක්‍රීක් (McDougall Creek) ලැව්ගින්න ආරම්භ වී පැය 24ක් තුළ හෙක්ටයාර 64 සිට 6800 දක්වා පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් 4,800ක් පමණ මේ වන විට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් කිරීම ආරම්භ වී තිබෙනවා.

කැනඩාවේ වයඹ දිග ප්‍රදේශවල තවත් විශාල ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 22,000ක් පමණ අවතැන් වී ඇතැයි ද සඳහන්.

කැනඩාවේ ෆෙඩරල් අගනුවර වන යෙලෝනයිෆ් හි (Yellowknife) අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට ලබාදුන් කාල සීමාව මේ වන විට අවසන් වී තිබෙනවා.

නගරයෙන් පිටතට ගමන් කරන ලැව් ගින්නෙන් බේරීමට ප්‍රදේශවාසීන් ගුවනින් සහ මාර්ගයෙන් පිටවීමට පොරකමින් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කළා.

කැනඩා අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙවැනි හදිසි අවස්ථාවක ජනතාවට සහාය වීමට අවශ්‍ය ඕනෑම කටයුත්තකට වේගයෙන් ප්‍රවේශ විය හැකි තත්ත්වයක රට සිටින බව සහතික කරන බවයි.

මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

කෙලෝනා ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ගුවන් කලාපය දැන් ගුවන් ගිනි නිවන භටයින් හැර අන් සියල්ලට වසා දමා තිබෙනවා.

කැනඩාවේ ප්‍රාන්ත කිහිපයක තැනින් තැන හටගත් ලැව් ගිනි දහසක් පමණ පැතිර යමින් පවතින බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32