ලැයිස්තුගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 65%ක් අත්අඩංගුවට (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මසක් වැනි කෙටි කාලයක් තුළ ලැයිස්තුගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 65%ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය මැඩලිම උදෙසා බිම් මට්ටමින් ප්‍රජා පොලිස් කණ්ඩායම් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටක් සඳහන් කළේ.

මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ විශේෂ වැටලීමකදී අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට ආධාර අනුබල දුන් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලොකු පැටි යන අයගේ මෙහෙය වීමෙන් මෙම මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා සහ යතුරුපැදිකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය කරගත් තොරතුරු අනුවයි.

වෙඩි තැබීම සිදු කිරිමට පැමිණි යතුරුපැදිකරු හා වෙඩික්කරු අත් අඩංගුවට ගැනීම දැන ගත් පසු ලොකු පැටී අදාළ කාන්තාවට සහ පුද්ගලයන් දෙදෙනොට සැගවී සිටින ලෙසට උපදෙස් ලබා දි ඇති බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණා.

ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව පවසන්නේ.

විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක් පරික්ෂා කිරීමේදී ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා.

ඔහු රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ සමීපතම අපරාධකරුවෙක්.

එහිදි වයස අවුරුදු 29ක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35