ලාංකික රංගන ප්‍රතිභාවේ ඉන්ද්‍රනීල මාණික්‍යය අද පස්වරුවේ දැයෙන් සමුගනියි

පසුගිය සෙනසුරාදා (මැයි 24) රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි ‘හෙළ සිනමාවේ නිලි රැජින ලෙස සැලකෙන මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා’ අද (26) පස්වරු 04ට දැයෙන් සමුගැනීමට නියමිතයි.

එම අවමංගල්‍යය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු යොදා තිබෙන අතර ශ්‍රී ලංකා පොලිසිය ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම අවමංගල්‍ය උත්සවය අද පස්වරු 04 සිට පස්වරු 06 තෙක් කොළඹ – නිදහස් චතුරශ්‍රයේ සිදු කෙරෙනු ඇති.

අවමංගල්‍ය පෙරහැර ගමන් කරන මාර්ගය ලෙස අද පෙරවරු 07.30ට බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙසට ගමන් කර මේඩ්ලන්ඩ් පෙදෙස හන්දියෙන් වමට හැරී මේඩ්ලන්ඩ් පෙදෙස මාර්ගය ඔස්සේ ගමන් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ හන්දියෙන් වමට හැරී නිදහස් මාවත ඔස්සේ ගමන් කර පෙරවරු 09ට නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමට නියමිතයි.

එබැවින් රථවාහන ගමනාගමනයට බාධා සිදු නොවන අන්දමින් මෙම අවමංගල්‍ය පෙරහැර හා උත්ස්වය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

අවමංගල්‍ය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ හන්දියේ සිට නිදස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමේ දී විනාඩි 15ක කාලයක් සඳහා නිදහස් වටරවුම් සිට නිදහස් මාවතට ඇතුළු වන රථවාහන සීමා කරනු ලබනවා.

එබැවින් මෙම කාලසීමාවේ දී ඒ අවට පිහිටි නිදහස් මාවත හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගයන්හි අවහිරතාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග ලෙස නිදහස් වට රවුමේ සිට බෞද්ධාලෝක මාවතට ගමන් කරනු ලබන රථවාහන නිදහස් වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දෙසට දිවෙන පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ගොස් රාජකීය විද්‍යාලය අසලින් වමට හැරී ගමන් කරනු ලබන මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ ගමන් කර බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39