ලක් මවගේ නම ජාත්‍යන්තරයේ රැන්දූ පදක්කම් ලාභී ලාංකික දක්ෂයෝ දිවයිනට

සෞදි අරාබියේ පැවති 06 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනාගෙන, මෙතෙක් මෙම තරගාවලියක දී දැක්වූ ඉහළතම දක්ෂතා දක්වා අද (20) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම තරගාවලිය සෞදි අරාබියේ දමාම් නුවර, ආසියානු රටවල් 43ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 15 දින සිට 18 දින දක්වා පවත්වා තිබූ බවයි.

එහිදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ තරුෂි අභිෂේකා රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්ව සදහා සහභාගී වූ අවිශ්ක ජෙන්කින්ස්, මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු සහ කාන්තා මෙඩ්ලි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු, තරුෂි අභිෂේකා, හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා රිදී පදක්කම් දිනා ගත්තා.

උස පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ පවන් නිත්‍ය, මීටර් 800 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ සවිදු අවිශ්ක, මීටර් 1,500 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ ළහිරු අචිත්ත සහ කාන්තා තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ දිල්කි නිහාරා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්.

පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අද අලුයම 02.40 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන් ම, මොවුන් ඉගෙනුම ලබන පාසැල්වල සිසුන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් මෙන්ම දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48