ලක්ෂ හැත්තෑවක මත් පෙති රේගුවේ හිරවේ

රුපියල් ලක්‍ෂ 70 කට අධික වෙළෙපොළ වටිනාකමින් යුත් මත්පෙති සහ කුෂ් ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේදී අද (08) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.

ඇමරිකාව, එංගලන්තය සහ ජර්මනියේ සිට කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට එවන ලද පාර්සල් පහක තිබී රුපියල් ලක්‍ෂ 40 ක් පමණ වටිනා කුෂ් ගංජා ග‍්‍රෑම් 278 ක් සහ රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා මෙතම්පෙතටයින් මත්ද්‍රව්‍ය අඩංගු එක්ටසී වර්ගයේ මත්පෙති 400 ක් මෙහිදී සොයාගෙන තිබේ.

අහංගම, වේරහැර, හෝමාගම සහ මහනුවර යන ප‍්‍රදේශවල පුද්ගලයන් පස්දෙනකුට මෙම පාර්සල් එවා තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර බරදීමට නියමිත බව රේගුව පවසයි.

87068117 2469085850008161 6811608412497903616 n 1024x722 2