ලක්මව බැබළ වූ පුතුන් තිදෙනෙක් දිවයිනට (ඡායාරූප)

ජපානයේ පැවති ආසියානු ෆැසිපික් කළාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපන 2023 තරගාවලියේ දස්කම් දැක්වීමට සමත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ මෙම ක්‍රීඩකයින් ඊයේ (21) රාත්‍රී 09.50ට පමණ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ- 47 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි.

ආසියානු ෆැසිපික් කළාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපන 2023 තරගාවලිය රටවල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කගේ සහභාගීත්වයෙන් ජපානයේ ටෝකියෝ නුවර දී පසුගිය 16 සහ 17 යන දෙදින තුළ පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජන කළ සුමිත් චන්දන ද සිල්වා කිලෝ ග්‍රෑම් 70 – 75 බර පංතිය යටතේ කායවර්ධන අංශයෙන් ශූරතාවය දිනාගනිමින් රන් පදක්කම හිමිකර ගත්තා.

ඊට අමතරව ජීන්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ, තරංග සංජීව සහ ස්පෝර්ට්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ, අකිල ශාමික ප්‍රනාන්දු යන දෙදෙනා ද එම අංශවලින් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මෙම ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා කායවර්ධන සහ ශාරීරික නිරූපන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15