ලංකාවට බැන්න සුද්දා ට වැඩේ වරදියි (වීඩියෝ)

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හා නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආපසු හැරීයාමට සිදු වූ බවට මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරිමින් කළ ප්‍රකාශය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ප්‍රතික්ෂේප කරනවා.

එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර මහතා පැවසුවේ අදාළ සංචාරකයා පිළිබඳ කළ සී.සී.ටී.වී. විමර්ශනවලින්ද ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බවට පැහැදිලිවන බවයි.

තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට සහ නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් පැය 5ක පමණ කාලයකට පසු ආපසු හැරීයාමට සිදු වූ බව පවසමින් මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු සමාජ
මාධ්‍යයට වීඩියෝවක් මුදා හැර තිබුණේ පසුගිය 7 වැනිදායි.

අනතුරුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා වෙත භාරදී තිබෙනවා.

ජෝර්ජ් නමැති අමෙරිකානු සංචාරකයා මෙරටට පැමිණීමට පෙර ජර්මනියේ ලියාපදිංචි තෙවන පාර්ශ්ව වෙබ් අඩවියකින් මෙරට කුලී රථ සමාගමක කුළී රථයක් වෙන් කරගෙන ඇත්තේ පසුගිය 6 වැනිදාටයි.

නමුත් ගුවන් තොටුපොළ වාර්තා අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 7 වැනිදා වන අතර පෙර දිනයේ අදාළ කුලී රථ රියදුරා ඔහු වෙනුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බලා සිටි බවද වාර්තා වනවා.

අදාළ අමෙරිකානු සංචාරකයා පලකළ අදහස් පහතින්.

අමෙරිකානු සංචාරකයාට පැය 05ක් තුල ලංකාව එපාවූ හේතුව සොයා පරීක්ෂණයක්

  1. ඔව් ඔව් අපේ මිනිස්සු වැරදි නෑ කොහේවත් ඉදන් ආපු ජෝජ්ට පිස්සු නිකන්ම බැනලා වීඩියෝ එකක් දාන්න අනේ අම්මෝ සාදාරීකරනය කරනවා බේරෙන්න ලස්සනට ..මන් හිතුවා cctv අව්ලක් කියයි කියලා..ජර්මන් ඉදන් වාහනයක් වෙන්කරානම් ඒකෙ අදාලා ලියකියවිලි වුනත් දින අලුතෙන් ලියලා හදලත් ඇතිනේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28