අමෙරිකානු සංචාරකයාට පැය 05ක් තුල ලංකාව එපාවූ හේතුව සොයා පරීක්ෂණයක්

ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් තමන් පැමිණි ගුවන් යානයෙන් ආපසු හැරී යාමේ පුවතක් සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම අමෙරිකානු සංචාරකයා පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස් අනුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටින්නේ.

පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

අදාළ ඇමෙරිකා ජාතික සංචාරකයා එම සමාජ මාධ්‍ය වීඩියෝවෙන් සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමාට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු තමන් නැවත ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය බවයි.

https://youtu.be/U7sSAIGt5UE
  1. ලංකාව රටක් නොවේ.

    හැම දේම මාපියාවට අහුවෙලා.

    කවූරුහරි මට කියන්න මාපියා මැර තීන්දු නැති ඕනෑම දෙයක්

    ඕනෑම ගමක.

  2. මේකනේ google search කරලා සුන්දරත්වය දැක්ක පලියට ආවම මේ වගේ දේවල් වෙනවා යුරෝපා රටක ජීවත් වෙන කෙනෙක් මේ රටට ආවම මීට වඩා අපහසුතාවයන් වලට මුහුන දෙන්න වෙනවා හොද වෙලාවට පැය 5න් ගියේ..නැත්තම් පාලකයන්ගේ විතරක් නෙමෙයි අහින්සක අපෙත් අම්මලා මතක් කරල යන්නේ ..මේ දේශපාලුවෝ නිසා ලෝකයට මේ රට අපායක් වෙලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14