Empty Ad
AFC Banner
Empty Ad

අමෙරිකානු සංචාරකයාට පැය 05ක් තුල ලංකාව එපාවූ හේතුව සොයා පරීක්ෂණයක්

ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් තමන් පැමිණි ගුවන් යානයෙන් ආපසු හැරී යාමේ පුවතක් සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම අමෙරිකානු සංචාරකයා පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස් අනුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටින්නේ.

පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

අදාළ ඇමෙරිකා ජාතික සංචාරකයා එම සමාජ මාධ්‍ය වීඩියෝවෙන් සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමාට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු තමන් නැවත ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය බවයි.

https://youtu.be/U7sSAIGt5UE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?