රෝසි විපක්ෂයට දෙහි කපයි

රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අත්කර දී ඇති ඉරණමට විසඳුම් සොයනවා වෙනුවට විපක්ෂය සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

කොළඹ මහනගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළාය.

ඇය පෙන්වා දෙන්නේ රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත්වීම පිළිබඳ කතා කිරීමට තමාට අයිතියක් ඇති බවය.

නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බවද ඇය සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකම මහා පවුලකින් වෙන්ව ගිය සොයුර සොයුරියන්ගෙන් සමන්විත තනි දේශපාලන බලවේගයක් බවය.

අවස්ථාවාදී සහ අදූරදර්ශි දේශපාලකයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නුපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති අත්නොහැරිය හැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් මේ මොහොතේ කැපවිය යුතු බවද ඇය සඳහන් කරයි.

ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ශක්තිමත් ප්‍රවේශයක් සමගින් ඉදිරියට යනවාද? නැතිනම් බියෙන් මුළුගැන්වී තැන් තැන්වලට වී වගකීමෙන් පළා යනවාද? යන්න විපක්ෂයේ සියලු දෙනා දැන්වත් තීරණය කළ යුතු බවද ඇය සිය නිවේදනයෙන් විමසා තිබේ.

ගිලිහී යන බලය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවන බවද රෝසි සේනානායක මහත්මිය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

RS 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26