රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පළමු අයි.පී.එල් ජයග්‍රාහී සැමරුම අතරතුර පුද්ගලයින් 11 දෙනෙකුට මරු කැඳවමින් බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති වූ තෙරපීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා අතර බැංගලෝර් කණ්ඩායමේ ඉහළම අලෙවිකරණ නිලධාරියෙකු වන නිඛිල් සොසාලේ ද සිටින බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහු මුම්බායි බලා පිටත්ව යෑමට බැංගලෝරයේ කෙම්පේගවුඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටියදී අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නිඛිල් සොසාලේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සියලුම ප්‍රවර්ධන කටයුතු හසුරුවන පුද්ගලයා වන අතර, ඔහු කණ්ඩායමේ සමාජ මාධ්‍ය ද හසුරවන්නා වනවා.
බැංගලෝර්හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් අක්ෂේගේ නායකත්වයෙන්, මධ්‍යම අපරාධ අංශය විසින් සිදුකරන මෙහෙයුමක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු නිඛිල් සොසාලේ ඇතුළු සිව්දෙනා අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ලේකම් ශංකර් සහ භාණ්ඩාගාරික ජයරාම් සැඟවී සිටින අතර, ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි බැංගලෝර් පොලිසිය පැවසුවේ.




