රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රබල නිලධාරියෙක් අත්අඩංගුවට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පළමු අයි.පී.එල් ජයග්‍රාහී සැමරුම අතරතුර පුද්ගලයින් 11 දෙනෙකුට මරු කැඳවමින් බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති වූ තෙරපීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා අතර බැංගලෝර් කණ්ඩායමේ ඉහළම අලෙවිකරණ නිලධාරියෙකු වන නිඛිල් සොසාලේ ද සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහු මුම්බායි බලා පිටත්ව යෑමට බැංගලෝරයේ කෙම්පේගවුඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටියදී අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නිඛිල් සොසාලේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සියලුම ප්‍රවර්ධන කටයුතු හසුරුවන පුද්ගලයා වන අතර, ඔහු කණ්ඩායමේ සමාජ මාධ්‍ය ද හසුරවන්නා වනවා.

බැංගලෝර්හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් අක්ෂේගේ නායකත්වයෙන්, මධ්‍යම අපරාධ අංශය විසින් සිදුකරන මෙහෙයුමක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු නිඛිල් සොසාලේ ඇතුළු සිව්දෙනා අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ලේකම් ශංකර් සහ භාණ්ඩාගාරික ජයරාම් සැඟවී සිටින අතර, ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි බැංගලෝර් පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08