රුසියානු තෙල් ආනයනය නතර කරන ට්‍රම්ප්ගේ කතාවට ඉන්දියාවෙන් ප්‍රතිචාර

තම තෙල් ආනයන තීරණය ජාතික අවශ්‍යතා මත පමණක් මෙහෙයවනු ලබන බවත්, ඉන්දීය පුරවැසියන්ට දැරිය හැකි සහ ආරක්ෂිත බලශක්තියක් සහතික කිරීමේ අත්‍යවශ්‍යතාවය පමණක් එහිදී ප්‍රමුඛවන බවත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම නිවේදනය නිකුත් කෙරුණා.

රුසියාවෙන් තෙල් මිලදීගැනීම ඉක්මනින් අවසන් කිරීමට ඉන්දියාව කටයුතු කරන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ට පොරොන්දු වූ බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරට වේලාවෙන් අද අලුයම ප්‍රකශ කළා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ඉක්මනින් නවත්වන බවට තමන්ට පොරොන්දු වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනමාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර තිබුණේ, සිය යුක්රේන සාම මෙහෙයුමේ ඉදිරි පියවරක් ලෙස දක්වමින්.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් නිවේදනයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

“චංචල බලශක්ති තත්ත්වයක් තුළ ඉන්දියානු පාරිභෝගිකයාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම අපගේ ස්ථාවර ප්‍රමුඛතාවයයි. අපගේ ආනයන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම මෙම අරමුණින් මෙහෙයවනු ලබයි. ස්ථාවර බලශක්ති මිල ගණන් සහ සුරක්ෂිත සැපයුම් සහතික කිරීම අපගේ බලශක්ති ප්‍රතිපත්තියේ ද්විත්ව ඉලක්ක වී ඇති අතර, මෙයට අපගේ බලශක්ති මූලාශ්‍ර පුළුල් කිරීම සහ වෙළඳපොළ තත්ත්වයන් සපුරාලීම සඳහා විවිධාංගීකරණය කිරීම ද ඇතුළත්.

“අපි වසර ගණනාවක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සමග අපගේ බලශක්ති ප්‍රසම්පාදනය පුළුල් කිරීමට උත්සාහ දරා ඇති අතර, පසුගිය දශකය තුළ මෙය ක්‍රමයෙන් ප්‍රගතියක් ලබා තිබෙනවා. එසේම වත්මන් පරිපාලනය ඉන්දියාව සමඟ බලශක්ති සහයෝගීතාව ගැඹුරු කිරීමට උනන්දුවක් දක්වන අතර සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. ” යනුවෙන් අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමේ පියවරට විරෝධය පෑමක් ලෙස එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පනවන ලද අතර, ඒ හේතුවෙන් රුසියානු තෙල්වලට ලැබුණු අඩු ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් ඉන්දියාව සහ චීනය රුසියානු බොරතෙල් අපනයනයේ ඉහළම ගැනුම්කරුවන් දෙදෙනා බවට පත්වුණා.

යුක්රේනය සමග සාම ගිවිසුමකට එළඹෙන ලෙස රුසියාවට බලපෑම් කිරීමට නම් රුසියාවේ බලශක්ති ආර්ථිකය අඩාල කළ යුතු බව පවසන එක්සත් ජනපද ජනාධිපතිවරයා, රුසියානු තෙල් මිලදී ගැනීමට දඬුවමක් ලෙස ඉන්දියාව එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු අනුපාත පැනවීමට ද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් චීනය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මීළඟ පියවර කුමක් දැයි මෙතෙක් නිශ්චිතව පැහැදිලි නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36