රුසියානු ජනපති වාර්ෂික රාජ්‍ය වාර්තාව ඉදිරිපත් කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (29) දහවල් රුසියානු ෆෙඩරල් සභාව වෙත වාර්ෂික රාජ්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

2000 වසරේ සිට හෙතෙම එම වාර්තාව ඉදිරිපත් කළ 19 වැනි අවස්ථාව මෙයයි.

ජනතා දිවි පැවැත්ම, පුරවැසියන්ගේ ආදායම් නංවාලීම, ජනගහණ වර්ධනය, සම්බාධකවලට මුහුණදීම සහ විශේෂ හමුදාමය මෙහෙයුම් ඇතුළු කරුණු ඊට ඇතුළත්.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, තම රටේ ජාතිකාරක්ෂක සංවර්ධන සැලසුම් මේ වන විට සාක්ෂාත් කර ඇති බවයි.

එසේම, රුසියාවේ ආර්ථික වර්ධන වේගය ලෝක ආර්ථික වර්ධන වේගයේ දළ මට්ටමට වඩා ඉහළ ය. ඒ අනුව, ඉදිරි වසර කිහිපයක් තුළ, රුසියාව ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හතරෙන් එකක් බවට පත්වනු ඇතැයි ද ජනාධිපති පුටින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !