රුපියල් කෝටි තුනක් වටිනා දූරකථන ගෙනා අයෙක්ට දඩ

රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දූරකථන තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති හරිත මාවත (Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ, ගුවන් මගියෙකු අද (04) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු අද අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් ගෙනැවිත් තිබූ ගමන් මළු 03 ක් තුළ Iphone , Redme සහ Samsung Galaxy යන වර්ගවලට අයත් නවීනතම ජංගම දුරකථන 111 ක් සඟවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ පිළිබඳ ව විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මංජුල අමරනායක මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ ජංගම දුරකථන සියල්ල රාජසන්තක කර රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11