රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා යාලෙන් හමුවෙයි

යාල ජාතික වනෝද්‍යානයේ – පුංචිකන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී මහා පරිමාණ ගංජා හේනක් වටලා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ‍රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කරන ලද බවයි.

මෙම ගංජා ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.