රාවණා ඇල්ලේ නිල්දිය පොකුණ සංචාරකයින්ට යළි විවෘත කිරීමට අවසර ලැබෙයි

රාවණා ඇල්ල අභය භූමියේ පිහිටි නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරඳගොල්ල ග්‍රාම නිලධාරි වසමේ රාවණා ඇල්ල අභය භූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටි නිල්දිය පොකුණ ඉතා දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක්.

එම ස්ථානය එහි පවතින සුවිශේෂ භූගෝලීය ලක්ෂණ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයට පත් සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා.

නිල්දිය පොකුණ සංරක්ෂණය කළ යුතු දුර්ලභ ගණයේ ස්වභාවික සම්පතක් වීම හේතුවෙන් එම ස්ථානයේ සංචාරක කටයුතු විධිමත් ලෙස අධීක්ෂණය හා නියාමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වශයෙනුයි හඳුනාගෙන ඇත්තේ.

ඒ සඳහා යෝජනා සහ නිර්දේශ ලබාගැනීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජනය වන පරිදි තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එම වාර්තාවේ ඇතුළත් යෝජනා හා නිර්දේශ මත පදනම්ව, සංචාරක කටයුතු නියාමනය කිරීම සඳහා සකස් කරන ලද නියෝග නීති කෙටුම්පත් සම්පාදක විසින් පරීක්ෂා කර බලා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන අනුව අදාළ නියෝග ගැසට්‌ පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11